මැදපෙරදිග කලාපයේ අර්බුදයක් ඇති කිරීමට උත්සාහ දරමින් සිටින බවට ඉරානයෙන් ඇමරිකාවට චෝදනා
2022-07-18 10:26:08
Share with:

මැදපෙරදිග කලාපයේ නොසන්සුන් තත්ත්වයක් හා අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටින බවට ඉරානය ඇමරිකාවට චෝදනා කරයි.

‘ඉරාන භීතිකාව’ යන අසාර්ථක උපායමාර්ගය අඛණ්ඩව යොදා ගන්නා ඇමරිකාව, මැදපෙරදිග  කලාපයේ නොසන්සුන් තත්ත්වයක් හා අර්බුදයක් ඇතිකරන බව, ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Nasser Kanani මහතා ඊයේ (17) පැවසීය.එම කලාපයේ රටවල අභ්‍යන්තර කටයුතුවලට නොකඩවාම මැදිහත්වන ඇමරිකාව යුද්ධ හා ආක්‍රමණ අරඹමින්, විශාල පරිමාණයෙන් අවි අලෙවි කර එම ප්‍රදේශය තුළ යුද මානසිකත්වය ප්‍රචාරය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

පසුගිය 13 වනදා සිට 16 වනදා දක්වා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ඊශ්‍රායලය, පලස්තීනයේ ජෝර්දාන ගංගාවේ බටහිර ඉවුර ප්‍රදේශය හා සෞදි අරාබියේ සංචාරයකට එක්විය.16 වනදා සෞදි අරාබියේ පැවති ආරක්ෂාව හා සංවර්ධනය පිළිබඳ නායක සමුළුවට එක්වෙමින් හෙතෙම පැවසුවේ, ඉරානයේ ක්‍රියාකාරකම් ප්‍රාදේශීය ස්ථාවරත්වයට හානි කරමින් පවතින අතර, ඉරානයට න්‍යාෂ්ටික අවි සතුකර ගැනීමට ඇමරිකාව කිසිසේත්ම ඉඩ නොතබන බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම