වෙනත් රටවල රජයන්ට කරන බරපතල මැදිහත්වීම් ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන සාධකයක් බව චීනය කියයි
2022-07-18 19:12:19
Share with:

වෙනත් රටවල රජයන් පෙරළා දැමීම ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන සාධකයක් බව චීනය කියාසිටී.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කටයුතු පිළිබඳ හිටපු ලේකම් John Bolton සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පිළිගත්තේ තමා වෙනත් රටවල  කුමන්ත්‍රණ සැලසුම් කිරීමට අනුබල දුන් බවයි. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා පැවසුවේ, ලතින් ඇමරිකානු රටවල දේශපාලන අස්ථාවරත්වය බිහි කිරීම, අරාබි වසන්තය ඇතුළු මැද පෙරදිග දේශපාලන නොසන්සුන්තා ඇතිකිරීම, යුරෝපා හා ආසියානු කලාපයේ වර්ණ විප්ලව උසි ගැන්වීම වැනි ක්‍රියාකාරකම් ඇමරිකාව දිගුකාලීනව සිදු කර ඇති බවයි. ඇතැම් රටවල විපක්ෂ පාර්ශ්වයන් යොදාගනිමින් දේශපාලන ගැටීම් ඇතිකිරීමට ඇතැම් ඇමරිකානු නිලධාරීන් ඍජුව අනුබල දී ති‍බේ.

ඇමරිකානු දේශපාලනඥයන්, රෙගුලාසි පදනම් කරගත් ජාත්‍යන්තර පටිපාටිය ප්‍රචාරය කරන්නේ, අත්තනෝමතිකව සෙසු රටවල කටයුතුවලට මැදිහත්වීම හා රජයන් පෙරළා දැමීම සඳහා බව John Boltonගේ ප්‍රකාශයෙන් මනාව පිළිබිඹු වෙතැයි Wang Wenbin මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම