ඉන්ධන මිල පහතට
2022-07-18 17:36:35
Share with:

17 වැනිදා රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් මිල පහත දමා ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ද අඩු කර තිබේ. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 20 කින් හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින්ද අඩු කර ඇත.

ලබන 21 වැනිදා සිට ඉන්ධන අඛණ්ඩව සැපයෙන වැඩපිළිවෙළක් සකස් කර ඇති බැවින්  පිරවුම්හල් අසළ රැස්නොවන්නැයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම