අප්‍රිකාවේ ඒකීයකරණය හා කාර්මිකකරණය කඩිනම් කරන්නැයි සිව්වැනි අප්‍රිකානු සංගම් මැද-වසර සම්බන්ධීකරණ සමුළුවෙන් ආයාචනා
2022-07-18 11:07:24
Share with:

අප්‍රිකාවේ ඒකීයකරණය හා කාර්මිකකරණය කඩිනම් කරන ලෙස සිව්වැනි අප්‍රිකානු සංගම් මැද-වසර සම්බන්ධීකරණ සමුළුව ආයාචනය කරයි.

ඊයේ(17) සැම්බියාවේ ලුසාකා අගනගරයේ පැවති එම සමුළුවට අප්‍රිකානු රටවල් 13ක නායකයෝ සහ රාජ්‍ය ප්‍රධානීහු එක්වූහ. අප්‍රිකානු මහද්වීපයේ නිදහස් වෙළඳ කලාපයේ සංවර්ධනය, කලාපීය ඒකීයකරණ හා කාර්මිකකරණ ක්‍රියාදාමය කඩිනම් කරන ලෙස ඔවුහු සාමාජික රටවලින් ඉල්ලා සිටියහ.

කලාපය තුළ වෙළඳ බාධා අවම කරමින් වෙළඳ ඒකීයකරණය ප්‍රවර්ධනය සඳහා අප්‍රිකානු නිදහස් වෙළෙඳ ගිවිසුම සක්‍රියව ක්‍රියාත්මක කිරීමට සමුළුවට එක්වූ නායකයින් එකඟ වූ බව, අප්‍රිකානු සංගම් වාරික සභාපති, සෙනෙගාල් ජනාධිපති Macky Sall මහතා සමුළුවෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම