ඇමරිකානු ජනතාව රජය‍ කෙරෙහි දක්වන විශ්වාසනීයත්වය ඓතිහාසික පහළ ම මට්ටමක
2022-07-17 15:42:09
Share with:

ඇමරිකාව ‘ සංවර්ධිත ආර්ථික ඒකකයක් ’ ලෙස නොපෙනෙන බව බ්‍රිතාන්‍යයේ The Financial Times පුවත්පත පවසයි. එම පුවත්පත පසුගියදා පළ කළ ලිපියක මේ බව දැක්වෙයි.

වර්තමානයේ, ඇමරිකාවේ දේශපාලන අවදානම් වැඩි වී තිබෙන අතර, සමාජ බෙදුම්වාදය ද තීව්‍ර වී ඇත. බැලූ බැල්මට ඇමරිකාව ‘ සංවර්ධිත ආර්ථික ඒකකයක් ’ නොවන බව එහි සඳහන් වෙයි.

2008 වසරේ හටගත් මූල්‍ය අර්බුදයෙන් පසු, ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක විසින් බැංකුවලට සහනාධාර ලබා දී ඇතිවා මිස නිවාස හිමියන්ට සහනාධාර ලබා නොදීම මෙන් ම ව්‍යවසායයන් ගේ බදු සැලකිය යුතු අයුරෙන් අවම කිරීම ඇතුළු පියවර ක්‍රියාත්මක කර තිබේ. මෙවැනි තීන්දු තීරණ, එරට ජනතාව රාජ්‍ය ආයතන වලට දැක්වූ විශ්වාසනීයත්වය පහත වැටීමට හේතු වූ බව එම ලිපිය පෙන්වා දෙයි.

මේ අතර, ඇමරිකාවේ Gallup සමාගම විසින් පසුගිය දා නිකුත් කෙරුණු ජනමත විමසුමකට අනුව, රජය කෙරෙහි ජනතාව දක්වන විශ්වාසනීයත්වය ඓතිහාසික වශයෙන් පහළ ම මට්ටමක පවතී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම