ජනතාවගේ ජීවන බර අඩු කිරීම සදහා සහන වැඩපිළිවෙළක්
2022-07-17 14:43:45
Share with:

දැඩි ආර්ථික පිඩනයට ලක් ව සිටින ජනතාවගේ ජීවන බර අඩු කිරීම සදහා සහන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී වැඩබලන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉන්ධන,ගෑස් හා අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බැවින් ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට තමා තීරණය කර තිබෙන බවයි.

මෙම කඩිනම් සහන වැඩපිළිවෙළට අමතරව ලබන අගෝස්තු මාසයේ දී ඉදිරිපත් කෙරෙන සහන අයවැයෙන් ද ජීවන බර අඩු කර සහන සැලසීම සඳහා තවත් අතිරේක මුදල් යෙදවීමට ද ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

අහාර සුරක්ෂිතතා වැඩසටහනේ ක්‍රියාමාර්ග වේගවත් කර එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටද එම සාකච්ඡාවේ දී වැඩබලන ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම