ජෝ බයිඩන් සහ සෞදි අරාබි රාජ්‍ය නායකයා අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සාකච්ඡාවක්
2022-07-16 15:59:21
Share with:

ඇමරිකානු ජනාධිපතිවරයා සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වෙයි.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ඊයේ(15) සවස සෞදි අරාබියේ Jeddah නගරයට ළඟා විය. හෙතෙම එරට නායකයා සමග, ද්විපාර්ශ්වික සබඳතා, බලශක්ති සුරක්ෂිතතාව, යේමනයේ යුද විරාමය ඇතුළු ගැටළු පිළිබඳව සාකච්ඡා කළේ ය.

අනතුරුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරිණ. ඒ අනුව, දෙරටේ උපාය මාර්ගික හවුල්කාරීත්වය ඉදිරියට පවත්වා ගෙන යාම ඉතා වැදගත් බව දෙරටේම ආකල්පයයි. ජාත්‍යන්තර බලශක්ති වෙළඳපොළේ ස්ථාවරත්වය ආරක්ෂා කරන බවට යළි අවධාරණය කළ එම රටවල් දෙක ජාත්‍යන්තර බලශක්ති වෙළඳපොළේ තත්ත්වය පිළිබඳව වරින් වර සාකච්ඡා කිරීමට එකඟවූ බව ද එම ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම