චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ "ගෝලීය සංවර්ධන මුලපිරුම" කාම්බෝජ නියෝජ්‍ය අගමැතිවරයා ගේ පැසසුමට
2022-07-16 14:58:11
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් යෝජනා කරන ලද "ගෝලීය සංවර්ධන මුලපිරුම" චීනය විසින් ලෝකයට ලබා දුන් "මහජන යහපත" ක් බව කාම්බෝජ නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍ය Prak Sokhonn මහතා පවසයි.

ඊයේ (15) චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරුවෙකු සමඟ ලිඛිත සම්මුඛ සාකච්ඡාවකදී හෙතෙම මෙසේ පැවසීය. ගෝලීය සංවර්ධන මුලපිරීම ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ තිරසර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීමට උපකාරී වනු ඇතැයි හෙතෙම පැවසීය.

එක් තීරයක් එක් මාවතක් ඒකාබද්ධව ගො‍ඩනැගීම සම්බන්ධයෙන් කාම්බෝජය සහ චීනය විවිධ ක්ෂේත්‍රවල සක්‍රීය සහයෝගීතාවක් සිදු කර ඇති බවත්, මෙම සහයෝගීතාව කාම්බෝජයේ සමාජ හා ආර්ථික සංවර්ධනයට හේතු වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් Prak Sokhonn මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම