ජනාධිපතිවරයා ගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවට
2022-07-16 14:56:52
Share with:

ජනාධිපතිවරයා ගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය.

කොරෝනා වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට 2020 -2021 වසර වසර වල වරින් වර රට වසා දැමීමට සිදුවීම හේතුවෙන් වසර ගණනාවක් පුරා  වර්ධනය වෙමින් පැවති ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වීම සහ විදේශ විනිමය හිඟයකට මුහුණ දීමට රජයට සිදු වු බව එම ලිපියේ සඳහන් වෙයි.

ඒ තුළින් වූ අස්ථාවරත්වයට විසඳුමක් සෙවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කරමින්  සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට හැකි හැම උත්සාහයක්ම ගනු ලැබූ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ඉල්ලා අස්වීමේ  ලිපියේ සඳහන් ‍‍‍ෙවයි.

පොදු ජනතාවගේ සහ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ ඉල්ලීම අනුව ජනාධිපති ධුරයෙන් ජුලි 14 සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දන්වා ඇත.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම