NATO සංවිධානය Shanghai සහයෝගිතා සංවිධානයේ ඇතැම් සාමාජික රටවල් සිය ප්‍රතිවාදීන් ලෙස සැලකීම ලෝකය සාමයට හානියක්
2022-07-15 20:10:05
Share with:

NATO සංවිධානය Shanghai සහයෝගිතා සංවිධානයේ ඇතැම් සාමාජික රටවල් සිය ප්‍රතිවාදීන් ලෙස සැලකීම ලෝක සාමය හා සුරක්ෂිතතාවට හානිකර බව Shanghai සහයෝගිතා සංවිධානය පවසයි.

එම සංවිධානයේ මහලේකම් Zhangming මහතා අද(15) බෙයිජිං හි පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේ ය. ඔහු පැවසුවේ නොබෝ කලට පෙර, NATO සංවිධානය Shanghai සහයෝගිතා සංවිධානයට අයත් ඇතැම් සාමාජික රටවල්, පද්ධතිමය අභියෝගයක් හා සිය ප්‍රතිවාදීන් ලෙස සැලකූ බවයි. මෙම ක්‍රියාව ලෝක සාමය හා සුරක්ෂිතතාවට හානිකර ය. ඉරානය හා බෙලාරුසියාව Shanghai සහයෝගිතා සංවිධානයට එක්වීම සඳහා අයදුම් පත්‍රය ඉදිරිපත් කර තිබේ. ඊට අදාළ නීතිමය කටයුතු මේ වන විටත් ක්‍රියාක්මත කෙරෙමින් පවතින බව ද Zhangming මහතා කීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම