චීනය පරිත්‍යාග කළ 2වැනි ධාන්‍ය සහනාධාර තොගය ශ්‍රී ලංකාවට භාර දුන් බව චීන විදේශ අමාත්‍යංශය කියයි
2022-07-15 18:33:27
Share with:

චීනය පරිත්‍යාග කළ  2වැනි ධාන්‍ය සහනාධාර තොගය ශ්‍රී ලංකාවට භාර දුන් බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය. එම තොගය ඊයේ(14) පිරිනැමිණ. චීනය රජය, ප්‍රාදේශීය රජයන් හා මිත්‍ර සංවිධාන ඇතුළු විවිධාකාරයෙන් ශ්‍රී ලංකාවේ ඒ ඒ ක්ෂේත්‍ර වෙත, ජන ජීවිතයට අදාළ සහනාධාර තොග රැසක් සපයා ඇත. මිත්‍ර අසල්වැසි රටක් වන චීනය, ශ්‍රී ලංකාවේ පවතින අසීරුතාවන් හා අභියෝගයන් වෙත අඛණ්ඩ ව අවධානය යොමු කරමින් සිටී. ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනය සඳහා චීනය උපරිම ලෙස පිටුබලය දක්වන බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම