චීනයේ දෙවැනි සහල් ආධාර තොගය ශ්‍රී ලංකාවට සාර්ථකව පිරිනැමේ
2022-07-15 10:03:13
Share with:

චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන දෙවැනි සහල් ආධාර තොගය සාර්ථකව පිරිනැමේ. 

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව එම හදිසි සහනාධාර තොගය භාර දීමේ උත්සවය ඊයේ (14) පැවැත්විණ. ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන්.රණසිංහ මහතා එම උත්සවයට එක්වූහ.

වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දෙන අසීරුතා හා අභියෝග පිළිබඳව මනාව අවබෝධ කරගන්නා චීනය විවිධ ක්‍රම මගින් ශ්‍රී ලංකා ජනතාවට හදිසි සහනාධාර ලබා දෙන බව චීන තානාපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

චීනය පරිත්‍යාග කළ හදිසි සහල් ආධාර මගින් ශ්‍රී ලංකාවේ පළාත් 9ක සිසු සිසුවියන් 7900ක් සහ මිලියන 1.1ක පිරිසකගේ මාස 6 ක සහල් අවශ්‍යතාව සපිරෙනු ඇතැයි එම්.එන්.රණසිංහ මහතා එහිදී පැවසීය. එම මිත්‍රත්වය ශ්‍රී ලංකා ජනතාව මතකයේ රඳවා ගනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට චීන යුආන් මිලියන 500ක් වටිනා හදිසි මානුෂීය සහනාධාර ලබාදෙන බව පසුගිය අප්‍රේල් මාසයේ චීනය ප්‍රකාශ කළේය. එම සහනාධාර ව්‍යාපෘතිය යටතේ ටොන් 10000 ක සහල් ආධාර ලබාදීමට නියමිත ව තිබිණ. සහල් ටොන් 2000 බැගින් එහි මුල් තොග දෙක ඉකුත් 28 වනදා හා ජූලි 8 වනදා කොළඹ  ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයට ළඟා විය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම