යුක්රේනයේ ධාන්‍ය අපනයනය පිළිබඳ සිව් පාර්ශ්වික සාකච්ඡාව යළිත්
2022-07-15 10:06:01
Share with:

යුක්රේනයේ ධාන්‍ය අපනයනය පිළිබඳ සිව් පාර්ශ්වික සාකච්ඡාව යළිත් පවත්වන බව, රුසියානු විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Maria Zakharova මහත්මිය පවසයි. තුර්කිය, රුසියාව, යුක්රේනය හා එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායම එම සාකච්ඡාවට යළි සහභාගි වනු ඇත.

පසුගිය 13 වැනිදා පැවති සිව් පාර්ශ්වික සාකච්ඡාවේදී අදාළ පාර්ශ්ව ධාන්‍ය පිළිබඳ කරුණු සාකච්ඡා කර ඇති අතර, සිව් පාර්ශ්වය ම ගිවිසුමකට එළඹීමට බලාපොරොත්තු වන බව Maria Zakharova මහත්මිය ඊයේ (14) පැවසුවාය. යුක්රේන නියෝජිත කණ්ඩායමේ වාර්තාව අනුව, එම සාකච්ඡාව ඇතැම් ප්‍රගතීන් ලබා ඇති අතර, ඉදිරි දිනවල ජගත් මහලේකම්වරයා සමඟ එය සවිස්තරාත්මකව විමසා බලන බව ද  යුක්රේන ජනපති පවසා ඇත.

එළඹෙන සිව් පාර්ශ්වික සාකච්ඡා වටය ලබන 20, 21 දිනවල පැවැත්විය හැකි බව රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම