ගෝඨාභය රාජපක්ෂ මහතා පිට රටක ඉල්ලා අස්වීමට බලපෑ හේතුව මාලදිවයින් කතානායක හෙළාදකී
2022-07-15 09:39:45
Share with:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ රැඳීසිටියා නම් ජීවිත බිය නිසා ඉල්ලා අස්නොවනු ඇති බව මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ් මහතා සඳහන් කරයි. හෙතෙම ඊයේ (14) මේ බව පැවසුවේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට දැන් ඉදිරියට යා හැකි බවත්, ශ්‍රී ලංකාවේ ජනතාවට උණුසුම් සුබ පැතුම් පිරිනමන බවත් නෂීඩ් මහතාගේ ට්විටර් පණිවුඩයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම