ඇමරිකාව මැදපෙරදිග කටයුතුවලට කරන මැදිහත්වීම අර්බුද සහ අනාරක්ෂිතභාවය පමණක් නිර්මාණය කරනු ඇතැයි ඉරාන ජනපති කියාසිටී
2022-07-15 11:15:09
Share with:

මැදපෙරදිග කටයුතුවලට ඇමරිකාව ඇතුළු විදේශ බලවතුන්ගේ මැදිහත්වීම, අර්බුද සහ අනාරක්ෂිතභාවය පමණක් නිර්මාණය කරනු ඇතැයි, ඉරාන ජනාධිපතිවරයා පවසයි.

ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතා ඊයේ(14) එරට බටහිර ප්‍රදේශයේ Kermanshah පළාතේ කළ නිරීක්ෂණ චාරිකාවේදී මේ බව සඳහන් කරමින් පැවසුවේ, ඇතැම් කලාපීය රටවල්, අනාරක්ෂිතභාවය සහ ත්‍රස්තවාදය, බටහිර රටවල හා ඇමරිකාවේ සිට මැද පෙරදිග ප්‍රදේශයට මාරු කරමින් සිටින බවයි. 

ඇමරිකාව ඉරානයට එල්ල කළ උපරිම පීඩනය "ලැජ්ජා සහගත අසාර්ථකත්වයක්" අත්පත් කරගෙන ඇත. ඇමරිකාව, සම්බාධක සහ තර්ජන එල්ලකරමින් ඉරානයේ අඛණ්ඩව පරීක්ෂණ නොකළ යුතු බව ද, හෙතෙම සඳහන් කළේ ය.

පසුගිය 13වැනිදා ඊශ්‍රායලයට පැමිණි, ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා මැදපෙරදිග ප්‍රදේශයේ තම ප්‍රථම සංචාරය ඇරඹීය. ධවල මන්දිරය මීට පෙර පෙන්වා දුන්නේ, ඉරානයට එල්ලවන තර්ජන යනු Biden මහතාගේ  සංචාරයේ  තේමාවලින් එකක් බවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම