හංගේරියාවේ බලශක්ති හදිසි තත්වයක්
2022-07-14 14:55:28
Share with:

හංගේරියාව බලශක්ති හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි. එය රුසියානු-යුක්රේන ගැටුම සහ යුරෝපා සංගමය රුසියාවට පැනවූ සම්බාධක හේතුවෙන් ඇති වූ බලශක්ති අර්බුදයට ප්‍රතිචාර දැක්වීමක් බව හංගේරියාවේ අගමැති කාර්යාල ප්‍රධානි Gergely Gulyas මහතා ඊයේ (13) ප්‍රකාශ කළේය.

රුසියානු-යුක්රේන ගැටුම සහ රුසියාවට එරෙහිව යුරෝපා සංගමය පැනවූ සම්බාධක යුරෝපයේ බලශක්ති මිල ගණන් තියුණු ලෙස ඉහළ යාමට තුඩු දී ඇති අතර, කලාපය තුළ බලශක්ති අර්බුදයක් ඇති කර තිබේ. හංගේරියානු ජනතාවට බලශක්ති සැපයුම් ආරක්ෂාව සහතික කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, රජය බලශක්ති හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට තීරණය කළ බව ද අගමැති කාර්යාල ප්‍රධානියා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම