ඇමරිකානු ජනපතිගේ ප්‍රථම මැදපෙරදිග සංචාරය ඇරඹේ
2022-07-14 10:22:03
Share with:

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ ප්‍රථම මැදපෙරදිග සංචාරය ඇරඹේ.

ඊයේ (13) මධ්‍යම ඊශ්‍රායලයේ Tel Aviv-Yafo නගරයේ අසල පිහිටි Ben Gurion ගුවන් තොටුපොළට ළඟා වූ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා මැද පෙරදිග ප්‍රදේශයේ නිල සංචාරය ආරම්භ කළේය.

පිළිගැනීමේ උත්සවයේදී ඊශ්‍රායලයේ අගමැති Yair Lapid මහතා ප්‍රකාශ කළේ, ජෝ බයිඩන් මහතාගේ මෙම සංචාරය ඓතිහාසික සංචාරයක් බවයි. නියමිත සැලසුම් අනුව, ජෝ බයිඩන් මහතා අද (14) Yair Lapid  මහතා සහ ඊශ්‍රායල ජනාධිපති Isaac Herzog මහතා සමඟ හමුවක් පවත්වනු ඇත.අනතුරුව ඉන්දියාව, ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල නායකයන් සමඟ මාර්ගගත රැස්වීමකට ද ඇමරිකානු ජනාධිපතිවරයා එක්වීමට නියමිතය.

 ජෝ බයිඩන් මහතාගේ මැද පෙරදිග සංචාරය දින 4කි. ඔහු හෙට(15) පලස්තීනයේ ජෝර්දාන ගංගාවේ බටහිර ඉවුර ප්‍රදේශයට පැමිණ එරට ජනාධිපතිවරයා සමග හමුවකට එක්වනු ඇත. අනතුරුව, ඇමරිකානු ජනාධිපතිවරයා සෞදි අරාබියට පැමිණ, එරට ඔටුන්න හිමි Mohammed bin Salman Al Saud කුමරු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම