වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව ත්‍රෛනිකායික මහ නාහිමිවරු අවධාරණය කරති
2022-07-14 16:02:20
Share with:

ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ පාර්ලිමේන්තුව වහා කැඳවා විධිමත් පාලන තන්ත්‍රයක් ගොඩනැගිය යුතු බව ත්‍රෛනිකායික මහ නාහිමිවරු අවධාරණය කරති. රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් රටේ ආරක්‍ෂාවට මෙන්ම මහජන ජීවිත ද දැඩි තර්ජනයට පත්ව ඇති මෙම තීරණාත්මක මොහොතේ එම පියවර ගත යුතු බව නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ ලා මේ බව ප්‍රකාශ කළහ.

මෙම තීරණාත්මක මොහොතේ රටේ නීතියට අවනතව නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් සාමකාමීව විරෝධය දැක්වීම හැර දේපළවලට හානි කරන කිසිඳු ක්‍රියාවක නොයෙදීමට විරෝධතාකරුවන් වගකීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ද ත්‍රෛනිකායික මහ නාහිමිවරු පවසති.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම