චීන රාජ්‍ය මණ්ඩලයේ ස්ථාවර සමුළුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්
2022-07-14 10:23:21
Share with:

චීන රාජ්‍ය මණ්ඩලයේ ස්ථාවර සමුළුව පැවැත්වේ.

චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා ඊයේ(13) කැඳවූ එම සමුළුවේදී රැකියා ස්ථාවරත්වය පවත්වා ගැනීමේ පියවර ශක්තිමත් කිරීම, පරි‍භෝජනය පුළුල් කිරීම හා හරිත බුද්ධිමය ගෘහ උපකරණ පරිභෝජනයට අනුබල දීම ඇතුළු කාර්යයන් පිළිබඳ සැලසුම් සකස් කෙරිණ. එම සමුළුවේදී ප්‍රකාශ කෙරුණේ, රැකියා නියුක්තියෙන් ධනය උත්පාදනය කිරීම හා ආදායම වැඩිකිරීම සිදු කළ හැකි බවත්, එමගින් පරිභෝජනය හා ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කෙරෙන බවත්ය. රැකියා නියුක්තියට ප්‍රමුඛත්වය ලබා දීමේ එල්බ සිටිමින්, එම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සහ ස්ථාවර රැකියා නියුක්තිය මගින් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම කඩිනම් කර ස්ථීර වර්ධනය පුළුල් කළ යුතුය.

පරිභෝජනය අවසාන අවශ්‍යතාව බවට පත් වේ. පරිභෝජනය පුළුල් කිරීම ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට පමණක් නොව, රැකියා නියුක්තිය, ආයෝජනය සහ කාර්මික සංවර්ධනයට ද උපකාරී වන බව එහිදී පෙන්වා දෙනු ලැබීය. ආර්ථික වර්ධනය වෙනුවෙන් පරි‍භෝජනයෙන් සැපයෙන ප්‍රධාන ගාමක බලය යහපත් ලෙස යොදා ගනිමින් ජනතාවගේ අවශ්‍යතාව සපුරා ගත යුතු ය. එමෙන්ම හරිත බුද්ධිමය ගෘහ උපකරණවල පරිභෝජන විභවය මුදාහැරීම කඩිනම් කළ යුතු බව ද එහිදී අවධාරණය කෙ‍රිණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම