තම ජනතාවට එරෙහිව "බලහත්කාර භාෂාව" භාවිත කිරීම ඵලරහිත බව ඇමරිකාව තේරුම් ගත යුතු යැයි ඉරාන ජනපති කියයි
2022-07-14 15:17:27
Share with:

ඇමරිකාව ඉරානයට එල්ල කළ උපරිම පීඩනයෙන් ඉරානය පසුබැස නොමැති බව, ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතා පවසයි. ඉරාන ජනතාවට එරෙහිව "බලහත්කාර භාෂාව" භාවිත කිරීම ඵලරහිත බව ඇමරිකාව තේරුම් ගත යුතු යැයි ද හෙතෙ‍ම කියාසිටී.

ඇමරිකානු පාර්ශ්වය වරින් වර ප්‍රකාශ කළේ, ඔවුන් ඉරානයට එල්ල කළ පීඩනය උපරිම වන බවයි. ඇමරිකාව යථාර්ථය හඳුනාගෙන ඉතිහාසයෙන් පාඩම් උගත යුතු බවත්, ඉරානයට උපරිම පීඩනය එල්ල කිරීම වැනි "අසාර්ථක ප්‍රයත්න" යළි යළිත් සිදු නොකළ යුතු බවත්, Raisi මහතා සඳහන් කළේ ය.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන්, Raisi මහතා පෙන්වා දුන්නේ, මෙම ගිවිසුමට කඩ කළ රට ඇමරිකාව බවයි. ඉරානය න්‍යෂ්ටික ගිවිසුමට නැවත පැමිණිය යුතු බව ඇමරිකාව පවසන නමුත්, ඉරානය කිසි විටෙකත් ගිවිසුමෙන් ඉවත් වූයේ නැත.

එසේම, ගිවිසුමට සම්බන්ධ පාර්ශ්ව සමඟ සාකච්ඡාවලදී ඉරානය සෑම විටම ඉතා තාර්කිකව හැසිරී ඇති බව ද, Raisi මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම