ඇමරිකානු බලවත්භාවය කුඩා රාජ්‍යන්ට යොමු වන අවස්ථාවක හොංකොං සහ චීනය අතර පවතින සබැඳියාව වඩා හොද ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි
2022-07-14 15:17:41
Share with:

ගෙවුණු වසර 25 තුළ හොංකොං චීනයේ විශේෂ පරිපාලන කලාපයක් බවට පත් විය. මෙම 25 වන සංවත්සරය ලෝක ක්‍රමය තුළ චීනයට සුවිශේෂී අවස්ථාවක් වේ. එය චීනයේ නව ප්‍රවාහයක් ප්‍රවර්ධනය කිරීමට ගත් උත්සහයකි. නව යුගයක් තුළ සෞභාග්‍යය, ස්ථාවරත්වය සහ අවස්ථාවන් මත පදනම්වූ ප්‍රගමනයක් ළඟා කර ගැනීම වෙනුවෙන් චීන හොංකොං විශේෂ පරිපාලන කලාපය මෙම සංවත්සරය සමරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යානාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හසිත් කන්දඋඩහේවා මහතා පවසයි.

තරුණ ජනතාව තුළ පවතින පීඩනය ඉවත් කරමින් ඔවුන්ට සහනයක් ලබා දීමට කටයුතු කරන බවට චීන ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මෙහි දී බොහෝ දෙනාගේ අවධනයට යොමු වූ බව ආචාර්යතුමන් ප්‍රකාශ කරයි. තරුණ ජනතාව වෙනුවෙන් සුරක්ෂිත දේශයක් ගොඩනගමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට කැප වන බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය මෙන්ම, එක් රටක් ක්‍රම දෙකක් තුළ චීන ජනාධිපතිවරයා ලබා දෙන උපදෙස් වඩා වැදගත් බවයි ආචාර්යතුමන් ප්‍රකාශ කරන්නේ. සෞභාග්‍යමත් සුන්දර හොංකොං ප්‍රදේශයක් මේ නව යුගය තුළ ගොඩනැගීමට චීනය සමග එක් වන ලෙසට ෂී ජින් පිං ජනාධිපතිවරයා තරුණ ජනතාවට ආරාධනා කළේය. ඒ ආරාධනාව හොංකොංහි අනාගතය වෙනුවෙන් සුවිශේෂි ප්‍රකාශයක් බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා අවධාරණය කරයි. මෙය ශ්‍රී ලංකාවේ අද පවතින තත්ත්වයටත් ආදර්ශයක් බව හෙතෙම සඳහන් කරයි. ප‍රිණත දේශපාලඥයන් සැමවිටම තරුණ හැඟීම් ‍වටහා ගත යුතුය. පරම්පරා වෙනසත් සමග මතුවන නව අදහස් කාලෝචිත අයුරෙන් ගෙන රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේදී ඒවා යොදා ගත යුතු බවද හෙතෙම කීය. එමගින් තරුණ ජවය සංවර්ධනයට සම්බන්ධ කර ගත හැකිය. ඒ සියල්ලටම වැදගත්වන්නේ චීන ජනාධිපතිවරයා සඳහන් කළ ආකාරයට තරුණයන්ගේ පීඩනයන් ඉවත් කර සුරක්ෂිත දේශයක් ගොඩ නැගීමෙන් බවද හෙතෙම පෙන්වා දෙයි. එසේ නොවුනහොත් බාහිර මැදිහත්වීම් මගින් විවිධ ගැටළු නිර්මාණය කෙරෙන අවස්ථා මතුවිය හැකිය. එවැනි ආකාරයෙන් ඇමරිකානු බලවත්භාවය කුඩා රාජ්‍යන්ට යොමු වන අවස්ථාවක හොංකොං සහ චීනය අතර පවතින සබැඳියාව වඩා හොඳ ප්‍රවණතාවයක් බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හසිත් කන්දඋඩහේවා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

හොංකොං ‍යළි මව්රට හා එක්වීමේ 25 වන සංවත්සරයට චීන ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය ඉතා වැදගත් වේ.“එක් රටක් ක්‍රම දෙකක්” පිළිබඳ සංකල්පයේ ස්ථාවරත්වය පිළිබඳව පණිවිඩයක් ඔහු එහි දී ජාත්‍යන්තරයට ලබා දුන්නේය. එය ගෙවුණු වසර 25 තුළ සාර්ථකව ක්‍රියාත්මක වූ බව ඔහු එහිදී ප්‍රකාශ කළේය. එලෙසම ඉදිරි කාලයටත් චීනය මෙම ක්‍රමය තුළ සිය සහයෝගය ලබා දෙන බව ජනාධිපතිවරයා එහි දී ප්‍රකාශ කළේය. එමෙන්ම හොංකොං වැසියන්ගේ නිදහස සහ අයිතිවාසිකම් සහතික කිරීමට කැප වන බවද ඔහු එහි දී පැවසීය. කලාපීය බාහිර බලවතුන්ට මෙම එක් රටක් ක්‍රම දෙකක් යන ක්‍රමය වෙනස් කිරීමට කිසිදු අවකාශයක් ලබා නොදෙන බවත්, කලාපයේ ස්ථාවරත්වය වෙනුවෙන් ප්‍රබල ලෙස චීනය පෙනී සිටින බවටත් චීන ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉතා වැදගත් බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා අවධාරණය කරයි. ආසියානු කලාපයේ රටවල් මෙන්ම, විශේෂයෙන් සිංගප්පූරුව ද ප්‍රකාශ කරන්නේ චීනය සහ හොංකොං අතර පවතින සම්බන්ධතාවය කලාපයේ ස්ථාවරත්වයට ඉතා වැදගත් සාධකයක් වන බවයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම