යුක්රේනයේ ධාන්‍ය අපනයනය පිළිබඳ සිව් පාර්ශ්වික සාකච්ඡාවේ ප්‍රගතිය පිළිබඳව ජගත් මහලේකම්වරයාගෙන් පැසසුම්
2022-07-14 09:28:35
Share with:

යුක්රේනයේ ධාන්‍ය අපනයනය පිළිබඳ සිව් පාර්ශ්වික සාකච්ඡාවේ ප්‍රගතිය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ අගය කිරීමට ලක්වෙයි.

යුක්රේනයේ කෘෂිකාර්මික නිෂ්පාදන කළු මුහුද හරහා ආරක්ෂිතව අපනයනය කිරීම සහතික කිරීමට, තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී පැවති එම සාකච්ඡාව වැදගත් පියවරක් වන අතර, එය වත්මන් අර්බුදවලින් පෙළෙන ලෝකයට බලාපොරොත්තුවක් රැගෙන එන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ඊයේ (13) එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

පාලන හා සම්බන්ධීකරණ යාන්ත්‍රණ හා අවදානම් පාලනය ඇතුළු කරුණු පිළිබඳව අදාළ පාර්ශ්ව එම සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණ ඇත. නුදුරු අනාගතයේදී යළිත් සාකච්ඡා පවත්වා, අවසන් ගිවිසුමකට එළඹෙනු ඇතැයි António Guterres මහතා බලාපොරොත්තු වෙයි.

තුර්කිය, රුසියාව, යුක්රේනය හා එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායම ඊයේ (13) එම සාකච්ඡාවට සහභාගි වූහ. ධාන්‍ය ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපනයට ද සාකච්ඡාවේදී එකඟතාව පළ වී ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම