ජනපතිධුරයේ වගකීම් අගමැතිට
2022-07-13 16:42:34
Share with:

ජනාධිපති ගෝධාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම ධූරයේ වැඩ බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බව ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ පැවසීය.

මේ අතර මුළු දිවයිනටම හදිසි නීතිය පනවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ ය.එමෙන්ම බස්නාහිර පළාතට ඇදිරිනීතිය පැනවු බවද අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය.මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, බිරිය  සහ ආරක්ෂකයන් දෙදෙනකු ගුවන් හමුදාවට අයත් නායක ගුවන් තොටුපොළේ සිට  අද (13) අළුයම මාලදිවයින බලා රැගෙන ගිය බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයකුට හිමි බලතල ප්‍රකාරව, පවතින රජයේ ඉල්ලීමකට අනුව, ආක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය යටතේ, කටුනායක ගුවන් ගුවන්තොටුපොළේ ඇති ආගමන විගමන, රේගු යන ආයතනවල නීතිවලට යටත්ව මෙම ක්‍රියාව සිදුකළ බව ගුවන් හමුදාවේ නිවේදනයේ සඳහන් වේ

ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 ගුවන් යානයෙන් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම