“නේටෝවේ මැදපෙරදිග අනුවාදයක් ” බිහිකිරීමේ ඇමරිකානු ප්‍රයත්නය ඉරාන‍යේ හා කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බව ඉරානය පවසයි
2022-07-12 11:21:00
Share with:

“නේටෝවේ මැදපෙරදිග අනුවාදයක් ” බිහිකිරීමේ ඇමරිකානු ප්‍රයත්නය  ඉරාන‍යේ හා කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බව ඉරානය පවසයි.

ඇමරිකානු ජනාධිපති Joe Biden ලබන 13 වැනිදා සිට 16 වැනිදා දක්වා ඊශ්‍රායලය, පලස්තීනයේ ජෝර්දාන් ග‍ඟේ බටහිර ඉවුර සහ සෞදි අරාබියේ සංචාරය කිරීමට නියමිතය. එම සංචාරයේදී Joe Biden අදාළ පාර්ශ්ව සමඟ ඉරානයේ තර්ජනය සහ ගුවන් ආරක්ෂක සහයෝගිතා යනාදිය පිළිබඳ සාකච්ඡා කරනු ඇත.

ඇමරිකාව ඊශ්‍රායලයේ සහභාගිත්වයෙන් මැද පෙරදිග කලාපයේ රහස්‍ය ඒකාබද්ධ ආරක්ෂක යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම තර්ජනයක් බව ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ මාධ්‍යයක් පවසා ඇත. එම සැලසුම මගින් සැබැවින්ම ඉරානයේ ආරක්ෂාවට හානි සිදුවුවහොත්, ඉරානය වහාම අදාළ පියවර ගනු ඇත.

ඇමරිකාව “නේටෝවේ මැදපෙරදිග අනුවාදයක්” බිහිකිරීමේ උත්සාහය පිළිබඳ සැකය ගල්ෆ් අරාබි රාජ්‍යයන් තුළ ද මතුව ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම