චීන ජනාධිපතිවරයා ගෙන් ලෝක අන්තර්ජාල සම්මේලනය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පිහිටුවීම සම්බන්ධයෙන් සුබ පැතුම්
2022-07-12 18:29:26
Share with:

චීන ජනාධිපතිවරයා ලෝක අන්තර්ජාල සම්මේලනය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පිහිටුවීම සම්බන්ධයෙන් සුබ පැතුම් පිරිනමයි.

අන්තර්ජාල අවකාශය මානව වර්ගයාගේ ඉරණම සමඟ සමීපව සම්බන්ධ වන අතර සයිබර් අවකාශයේ අනාගතය ලොව සියලුම රටවල් එක්ව නිර්මාණය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(12) සුබ පැතුම් පිරිනමමින් පැවසීය. ජගත් ප්‍රජාව සමඟ එක්ව එම අවස්ථාව ප්‍රයෝජනනයට ගෙන, වඩාත් සාධාරණ, විවෘත සහ ඉවසිලිසහගත, සුරක්ෂිත හා ප්‍රාණවත් සයිබර් අවකාශයක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා පැවසීය.

ලෝක අන්තර්ජාල සම්මේලනය පිහිටුවීමේ උත්සවය අද(12) බෙයිජිංහි දී පැවැත්විණ. එම සම්මේලනයට ගෝලීය අන්තර්ජාල ක්ෂේත්‍රයේ අදාළ ජාත්‍යන්තර සංවිධාන, ව්‍යාපාරික ආයතන සහ විද්වතුන් හා ප්‍රවීණයන් ඇතුළත් වේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම