දේශපාලන බල පෙරළීම් මගින් වඩාත් තහවුරුවන ඇමරිකාව වෙනත් රටවලට සිදු කරන මැදිහත්වීම්
2022-07-12 15:53:19
Share with:

ඇමරිකාව වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම පැහැදිලිව දක්නට ඇතැයි ප්‍රවීණ ලේඛක සහ ජනමාධ්‍යවේදී හෙන්රි වර්ණකුලසූරිය මහතා පවසයි. ඔවුහූ විවිධ හේතු සොයා ගෙන ඒවාට සරිලන පරිදි මැදිහත්වීම් සිදු කරති. මානවහිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්න, ත්‍රස්තවාදී ගැටලු සඳහා ආර්ථිකමය හා හමුදාමය මැදිහත්වීම් සිදුකිරීම බහුලව දැකිය හැකිය. මෙම තත්වය ඇමරිකාවේ දැකිය හැකි මෑත කාලීන දෙයක් නොවන බවද හෙතෙම කියා සිටී. 19 වන ශතවර්ශයේ සිටම සිදුවූවකි. මෙවැනි සුපිරි බලයක් සහිතව ඇමරිකාව ලෝක පොලිස්කාරයා ලෙස කටයුතු කරන බව සිය පෞද්ගලික දැක්ම යැයි හෙතෙම පවසයි.  මෑතකාලීනව 1991 සෝවියට් රුසියාව බිඳවැටීමෙන් පසුව ඔවුන්ට ඊනියා සුපිරි බලයක් ලැබුණු බව දේශපාලනික වශයෙන් දැකිය හැකිය.

ඇමරිකාව වෙනත් රටවල් මෙහෙයවීමට කටයුතු කරන බව පැහැදිලිය. දේශපාලනික සහ පරිපාලනමය වශයෙන් රටවලට බලපෑම් කරමින් නීතිමය මැදිහත්වීම් ද සිදු කරයි. කිසියම් රටක බලය පිළිබඳ තීරණ ගැනීමට ද පෙළඹෙයි. ආර්ථික වශයෙන් බිඳවැටී ඇති රටවලට මැදිහත් වනුයේ ඉතා පහසුවෙනි. ආර්ථික ආධාර ලබා දෙනුයේ ද රට තුළ සෙසු පරිපාලන කටයුතු ඔවුන්ට අවශ්‍ය පරිදි සිදුකරවා ගැනීම සඳහා හෝ ඒවා එසේ වනවානම් පමණි.

මෙවැනි මැදිහත්වීම් හේතුවෙන් ඒ ඒ රටවල සමාජමය ගැටළු මතුවීමට ද හේතුවී තිබේ. ආණ්ඩු පෙරළීම දක්වාම ඔවුන් තම අභිමතය ක්‍රියාත්මක කරනු ලබයි. වක්‍රාකාරව ඇමරිකාවට ද ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ආධාර උපකාර කරන අයුරු දක්නට ඇත. මේ හේතුවෙන් චීනය, ඉන්දියාව, ජපානය වැනි රටක් ආධාර කළ ද අදාළ රටෙහි වැසියන් සැකයෙන් බැලීමට පුරුදුව සිටිනුයේ ඇමරිකාවේ මෙම ප්‍රතිපත්තිය නිසාවෙනි.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම