චීනය හා ඉන්දුනීසියාව අතර සබඳතා තවදුරටත් පුළුල් කෙරේ
2022-07-12 14:35:15
Share with:

           

              ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා චීන විදේශ අමාත්‍ය වං යී මහතා හමු වෙයි.

              එම හමුව ඊයේ (11)  ජකර්තා හිදී පැවැත්විණ. චීනය සමග එක්ව ආර්ථික, වෙළඳ හා ආයෝජන ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කිරීමට කැමති බව Joko Widodo මහතා එහිදී කියා සිටියේ ය. දෙපාර්ශ්වය සම්බන්ධීකරණය තහවුරු කරමින් Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගය ඇතුළු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට අදාළ මහ පරිමාණ ව්‍යාපෘති ඉදිරියට ගෙන යා යුතු බව ඔහු පවසයි. චීන ව්‍යවසායන් ඉන්දුනීසියාවේ ආ‍‍යෝජනය කිරීම පිළි ගන්නා බවත්, එම ව්‍යවසායන්ට වැඩි පහසුකම් ලබා දෙන බවත්, ඉන්දුනීසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

               කොවිඩ් වසංගතය උද්ගත වීමෙන් පසු චීන හා ඉන්දුනීසියානු ජනාධිපතිවරුන් අතර සමීප සන්නිවේදනයක්  පවතින බවත්, එය ද්විපාර්ශ්වික සබඳතාව වෙනුවෙන් උපාය මාර්ගික මඟපෙන්වීමක් ලබා දී ඇති බවත්, වං යී මහතා එහිදී පැවසීය. එම නායක දෙපළ එළඹි එකඟතාව අනුව චීනය හා ඉන්දුනීසියාව දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා නාවික සහයෝගිතාවන් ගොඩ නගා තිබේ. එය ද්විපාර්ශ්වික සම්බන්ධතාව සඳහා නව පුළුල් අපේක්ෂාවන් විවර කර ඇතැයි චීන විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ය.         

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම