චීන විදේශ ඇමතිවරයා ගෙන් චීන-ආසියාන් සංගම් සබඳතා ගැඹුරු කිරීම පිළිබඳව යෝජනා මාළාවක්
2022-07-12 18:30:43
Share with:

චීන විදේශ ඇමතිවරයා ආසියාන් සංගම් ලේකම් කාර්යාලයේ දේශනයක් පවත්වමින් චීන-ආසියාන් සංගම් සබඳතා ගැඹුරු කිරීම පිළිබඳව යෝජනා මාළාවක් ඉදිරිපත් කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ(11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය. චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ ඇමති වං යී මහතා ඉදිරිපත් කළ කලාපීය සාමය හා සමෘද්ධිය ප්‍රවර්ධනය පිළිබඳ අදහස් හා යෝජනා මාලාව ඉහළ ඇගයීමට ලක්ව තිබේ.

තායිවාන ප්‍රදේශය චීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් වන අතර තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ දිගුකාලීන දේශපාලන  මත භේද පැවතියද, චීනයේ ජාතික ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව එලෙසම පවතින බව වං යී මහතා දේශනයෙන් පසුව මාධ්‍ය අමතමින් පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම