රුසියානු සහ තුර්කි ජනපතිවරුන් ද්විපාර්ශ්වීය ආර්ථික සහයෝගිතාවය සහ යුක්රේනයේ තත්වය පිළිබඳව දුරකථන සංවාදයක
2022-07-12 11:14:15
Share with:

රුසියානු ජනාධිපති Vladimir Putin මහතා සහ තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan මහතා, දුරකථන සංවාදයකට එක්වෙති. ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සහයෝගිතාව මෙන්ම යුක්රේනයේ තත්වය යන උණුසුම් ගැටළු කෙරෙහි, ඊයේ(11) පැවති එම සංවාදයේ දී ජනාධිපතිවරුන්ගේ අවධානය යොමුව ඇත.

Kremlin වෙබ් අඩවිය නිකුත් කළ තොරතුරුවලට අනුව, රුසියාව සහ තුර්කිය මෑතකදී ඉහළ මට්ටමේ රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කරයි.

දෙරටේ නායකයින් පොදු අවධානයට ලක්වන ගැටළු රැසක් පිළිබඳව දුරකථනයෙන් සාකච්ඡා කර ඇත.

ද්විපාර්ශ්වික වෙළඳ පරිමාව පුළුල් කිරීම, ජාතික මුදල් මගින් වෙළඳාම් කිරීම, රුසියානු බලශක්තිය අඛණ්ඩව සැපයීම යන ප්‍රශ්න කෙරෙහි ද ජනාධිපතිවරුන්ගේ අවධානය යොමුවිය. එසේම, යුක්රේනයේ තත්වය, කළු මුහුදේ නාවික ගමනාගමන ආරක්ෂාව හා ආහාර අපනයන ආරක්ෂාව සහතික කිරීම පිළිබඳව ද දෙරටේ නායකයන් අදහස් හුවමාරු කර තිබේ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම