මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ අරාබි රටවල ජනතාව බටහිර ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි දක්වන විශ්වාසය බිඳවැටෙයි
2022-07-12 10:44:22
Share with:

Arab Barometer ජාත්‍යන්තර ජනමත විමසීමේ ආයතනය පළ කළ නවතම වාර්තාවට අනුව, 2021 වසර අවසානයේ සිට, මේ වසරේ වසන්ත ඍතුව දක්වා එම සමීක්ෂණයට එක්වූවන් 23 දහසකින් බහුතරය ප්‍රකාශ කර තිබුණේ, බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ ආර්ථිකය දුර්වල බවයි.

Arab Barometer ආතනයේ ප්‍රධානි Michael Robbins මහතා පැවසුවේ, 2018 වසරේ සිට 2019 වසර දක්වා සමාන ජනමත විමසීමක් සිදු කෙරුණු අතර, මේ ප්‍රදේශවල ජනතාව බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දැක්වූ මත වෙනස් වූ බවයි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශස්ත රාජ්‍ය පාලන ක්‍රමයක් නොවන අතර, ඉන් සියලු ප්‍රශ්න විසඳිය නොහැකි බව, ක්‍රමයෙන් ජනතා විශ්වාසය බවට පත්වී ඇත.

මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ ජනතාව කුසගින්න අත්විඳිමින් වත්මන් පද්ධතිය කෙරෙහි කලකිරීම් සහගතව පසුවන බව Michael Robbins මහතා පැවසීය. වාර්තාවට එක් වූවන්ගෙන් අඩකට වැඩි පිරිසක් වැඩි අවධානය යොමු කර ඇත්තේ, රජයේ ක්‍රමය වෙනු‍වට රජය ඵලදායීව ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ ද යන කරුණ කෙරෙහි ය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම