විශ්ව විද්‍යාල හා ව්‍යවසායන් අතර තාක්ෂණ නවෝත්පාදන සහයෝගතාවක්
2022-07-11 15:58:21
Share with:

චීන අධ්‍යාපන අමාත්‍යංශය, කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය, රාජ්‍ය බුද්ධිමය දේපල කාර්යාලය, “පාසල් දහසක් සහ ව්‍යවසායන් දස දහසක් අතර සහයෝගීතා නවෝත්පාදන හවුල්කාරීත්වය සිදු කිරීම” පිළිබඳ නිවේදනය නිකුත් කරයි.

මෙම නිවේදනයට අනුව, ඉදිරි වසර 5 තුළ, විශ්ව විද්‍යාල 1,000කට වඩා වැඩි ප්‍රමාණයක්, විද්‍යාත්මක හා තාක්ෂණික ප්‍රගතිය සහ කාර්මික සංවර්ධනය සඳහා, ව්‍යවසායන් 10,000කට වඩා සහාය සහ සේවය ලබාදීම ප්‍රවර්ධනය කෙරෙන අතර, විශ්ව විද්‍යාල සහ ව්‍යවසායන් අතර ගැඹුරු ඒකාබද්ධතාව ඉන්  ප්‍රවර්ධනය කෙරේ. 

මෙම වසර 5 තුළ, කාර්මික සංවර්ධනයේ ප්‍රධාන ජාතික උපායමාර්ගික අවශ්‍යතා සහ පොදු ගැටළු කෙරෙහි අවධානය යොමු කෙරේ. සහයෝගී නවෝත්පාදනයන් සඳහා නව යාන්ත්‍රණ සහ ආකෘතීන් ගවේෂණය කිරීමට විශ්ව විද්‍යාල සහ ව්‍යවසායන්ට සහාය දීම සිදුකෙරේ. විවිධ ආකාරයේ නවෝත්පාදන සහයෝගීතාවයන් සිදු කිරීමෙන්, ප්‍රධාන මූලික තාක්ෂණයන් සහ පොදු තාක්ෂණයන් විශාල සංඛ්‍යාවක් තවදුරටත් වැඩිදියුණු කෙරෙනු ඇත. ඉන් ව්‍යවසායන්ගේ ඉල්ලුම් දිශානතිය හා වෙළඳපල-නැඹුරු බුද්ධිමය දේපල පිරිසැලසුම ශක්තිමත් කෙරේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම