සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම එම රජයට වගකීම් බාර දීමට අමාත්‍ය මණ්ඩලයේ තීරණයක්
2022-07-11 15:39:31
Share with:

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම එම රජයට වගකීම් බාර දීමට අමාත්‍ය මණ්ඩලය අදහස් කර සිටින බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය මණ්ඩලයේ හමුවක් අද ‍(11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුණු අතර එම සාකච්ඡාවට සහභාගී වූ සියලුම අමාත්‍යවරුන් ඉහත අදහස ප්‍රකාශ කර තිබෙන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. මේ අතර අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ද සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලුම කැබිනට් අමාත්‍යවරු සිය ධුරවලින් ඉල්ලා අස්වන බවයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම