ජනාධිපති ධුරයෙන් ඉවත්වන බවට ‍‍ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා‍ට දැනුම් දෙයි
2022-07-11 11:20:18
Share with:

පෙර දැනුම් දුන් පරිදි තමන් ජනාධිපති ධුරයෙන් ඉවත්වන බවට ‍‍ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇතැයි අග්‍රාමාත්‍ය කා‍ර්යාලය අද (11) පෙරවරුවේ නිවේදනය කළේය.

මීට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂ නායකයන්ගේ මතයට ගරු කරමින් සිය ධුරයෙන් 13 වැනිදා ඉල්ලා අස් වන බවට තමන් වෙත දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (09) රාත්‍රියේ නිවේදනය  කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම