චීනෙය් දිළිඳුකම පිටුදැකීමේ ජයග්‍රහණ තහවුරු කර පුළුල් කර ඇතැයි අවධාරණය කෙරේ
2022-07-11 10:44:10
Share with:

මෙම වසරේ මුල් භාගයේ දී සියලු පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ ප්‍රයත්නය තුළින් චීනෙය් දිළිඳුකම පිටුදැකීමේ ජයග්‍රහණ තහවුරු කර පුළුල් කර ඇතැයි චීන ජාතික ග්‍රාම සංවර්ධන කාර්යාංශය පවසයි. චීනය මහා පරිමාණයෙන් දරිද්‍රතාවයට ආපසු නොයෑමේ පහළම රේඛාවට තදින්ම ඇලී සිටින අතර, මහා පරිමාණයෙන් දරිද්‍රතාවයට ආපසු යාමේ සංසිද්ධියක් නොමැති බව අද (11) ප්‍රකාශ කෙරිණ.

දරිද්‍රතාවය පිටුදැකීමේ ජයග්‍රහණ තහවුරු කිරීමට සහ පුළුල් කිරීමට මෙන්ම වසංගතයේ බලපෑමට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා, චීන ජාතික ග්‍රාම සංවර්ධන කාර්යාංශය වසංගතයේ බලපෑමට ප්‍රතිචාර දැක්වීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවා ඇත. වසංගත බලපෑම් උපලේඛනගත කිරීමේ යාන්ත්‍රණයක්, අදාළ කාර්යයන් දැනුම්දීමේ යාන්ත්‍රණයක් සහ වැදගත් තත්ත්ව වාර්තා කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කෙරිණ. එමෙන්ම, දරිද්‍රතාවයට නැවත පැමිණීම වැලැක්වීම සඳහා අධීක්‍ෂණය සහ සහාය ශක්තිමත් කිරීම, රැකියා ස්ථාවර කිරීම, කාර්මික ආධාර, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ ප්‍රාග්ධන වියදම් යනාදිය සඳහා අවධානය යොමු කිරීම සඳහා ඉලක්කගත ක්‍රියාමාර්ග 24ක් ඉදිරිපත් ‍කෙරිණ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම