ප්‍රායෝගික බහුපාර්ශ්වවාදයේ එල්බ සිටීම චීනයේ ආකල්පය බව චීන විදේශ ඇමතිවරයා කියයි
2022-07-11 17:02:09
Share with:

ජී-20 කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීම සඳහා චීන විදේශ අමාත්‍යවරයා එක්වෙයි.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා පසුගිය 8වැනි දා ඉන්දුනීසියාවේ Bali දූපතේ දී එම රැස්වීමට එක්වූ බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. බහුපාර්ශ්වවාදය තහවුරු කිරීම සහ ධාන්‍ය හා බලශක්ති සුරක්ෂිතතාව යන අදියර 2ක රැස්වීම් ඊට ඇතුළත් විය. ප්‍රායෝගික බහුපාර්ශ්වවාදයේ එල්බ සිටීම චීනයේ ආකල්පය බව පැවසූ විදේශ අමාත්‍යවරයා ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සහයෝගිතා මුලපිරිමක් ඉදිරිපත් කළ බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම