චීන-පාකිස්තාන "ඕෂන් ගාඩියන්-2" ඒකාබද්ධ සමුද්‍ර අභ්‍යාසය ආරම්භ වෙයි
2022-07-10 18:37:15
Share with:

සිව්දින චීන-පාකිස්තාන "ඕෂන් ගාඩියන්-2" ඒකාබද්ධ සමුද්‍ර අභ්‍යාසය ෂැංහයි හි හමුදා වරායකදී ආරම්භ වෙයි.

අද (10) ආරම්භ වූ එම ඒකාබද්ධ අභ්‍යාසය වාර්ෂික සැලසුම් අනුව සිදුකරන සාමාන්‍ය වැඩපිළිවෙළක් වන අතර, එය කලාපීය තත්ත්වය හෝ කිසිදු තෙවන පාර්ශ්වයකට සම්බන්ධයක් නොමැති ක්‍රියාකාරකමක් බව චීන නාවික හමුදා ප්‍රකාශක පැවසීය.

"ඕෂන් ගාඩියන්-2" ඒකාබද්ධ අභ්‍යාසය, ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව, තාක්ෂණ හා අත්දැකීම් හුවමාරුව සහ සම්ප්‍රදායික මිත්‍රත්වය ප්‍රවර්ධනය අරමුණු කරයි. සටන් සැලසුම්, තාක්ෂණික හුවමාරු, සංස්කෘතික හා ක්‍රීඩා තරඟ ඇතුළු ක්‍රියාකාරකම් සහ ඒකාබද්ධ මුහුදු ප්‍රහාර, උපායමාර්ග, සබ්මැරීන නාශක, විවිධ සැපයුම්, ආධාර හා ගුවන් ආරක්ෂණ වැනි සමුද්‍රීය අභ්‍යාස එහි සිදුකෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම