ඉන්දීය පොහොර තොගය භාරදීම අද
2022-07-10 18:38:29
Share with:

 

ඉන්දීය ආධාර යටතේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් පොහොර නෞකාව මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

පොහොර ගොඩබෑම ඊයේ (09) දින ඇරඹුණු අතර, අද (10) දින ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් පොහොර තොගය නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතයි.

දිවයින පුරා  පොහොර බෙදාහැරීම අද (10) සිටම ආරම්භ කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම