ඇමතිවරු සිව්දෙනෙක් ඉල්ලා අස්වෙති
2022-07-10 16:08:42
Share with:

ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලා අස්වෙයි. සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු ඒ බව ඊයේ (9) දැනුම් දී ඇත.  ඉදිරියේදී ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවත්, පවත්නා ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමට ශක්ති ප්‍රමාණයෙන් දායක වන බවත් ඔහු සඳහන් කර තිබේ.

මේ අතර, හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර සහ ධම්මික පෙරේරා යන මහත්වරුන් ද තම අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස් වී ඇත. හරීන් ප්‍රනාන්දු මහතා සංචාරක හා ඉඩම් ඇමතිවරයා ලෙස ද, මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා ඇමතිවරයා ලෙස ද,  ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා ලෙස ද ක්‍රියා කළහ.

දිවයිනට පැමිණි පොහොර තොගය නිල වශයෙන් අද (10) භාරගැනීමෙන් පසු තමා කෘෂිකර්ම ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව මහින්ද අමරවීර මහතා ද දැනුම් දී තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම