පලස්තීන ජනපති වසර 5කට පසු ඊශ්‍රායල අගමැති සමඟ දුරකථන සංවාදයක
2022-07-10 16:51:27
Share with:

පලස්තීන ජනාධිපති Mahmoud Abbas මහතා සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය Yair Lapid මහතා දුරකථන සංවාදයක නිරත වෙති. ගත වූ වසර 5කට ආසන්න කාලයක් තුළ, Mahmoud Abbas මහතා ඊශ්‍රායල අගමැති සමඟ දුරකථන සංවාදයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි. එම සංවාදය පසුගිය 8 වැනිදා සිදු විය.

ද්විපාර්ශ්වික සහයෝගීතාව, සංහිඳියාව සහ සංයමය පවත්වාගෙන යාමේ අවශ්‍යතාව කෙරෙහි එම සංවාදයේදී අවධානය යොමුකෙරුණු බව වාර්තා වේ.

2014 දී ඊශ්‍රායල රජය සහ පලස්තීන ජාතික අධිකාරිය අතර සාම සාකච්ඡා බිඳ වැටුණු අතර, එය තවමත් ආරම්භ වී නොමැත. Mahmoud Abbas මහතා මීට පෙර ඊශ්‍රායල අගමැති සමඟ දුරකථන සංවාදයක් පැවැත්වූයේ 2017 ජූලි මාසයේදීය.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම