චීන ජාතික කෞතුකාගාරයේ 110 වැනි සංවත්සරය නිමිත්තෙන් චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-07-09 14:48:07
Share with:

චීන ජාතික කෞතුකාගාරය ස්ථාපිත කිරීමේ 110 වැනි සංවත්සරය නිමිත්තෙන්  චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පිරිනමයි.

ජනාධිපතිවරයා සුබ පැතුම් පණිවිඩය යොමුකර ඇත්තේ, එම කෞතුකාගාරයේ විශේෂඥයන්ගෙන් ලද ලිපියකට පිළිතුරු වශයෙනි. චීන ජාතික කෞතුකාගාරයේ සමස්ත කාර්ය මණ්ඩලය වෙත උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ෂී ජින්පිං මහතා  ඔවුන්ගේ සුවදුක් ද විමසා ඇත.

කෞතුකාගාර, මානව ශිෂ්ටාචාරයේ උරුමය තහවුරු කිරීම හා සුරැකීම පිළිබඳව වැදගත්ම ස්ථාන වේ. එහි සේවකයන්ගේ කාර්යභාරය කීර්තිමත්ය, වැදගත්ය. ජාතික කෞතුකාගාර සේවකයන්ට නිවැරදි දේශපාලන ස්ථාවරයක සිට, සංස්කෘතික ස්වයං විශ්වාසය තහවුරු කර ගනිමින්, ගැඹුරු ශාස්ත්‍රීය අධ්‍යයනයක නිරත විය හැකි යැයි ද ෂී ජින්පිං මහතා පෙන්වාදෙයි. එමෙන්ම නවෝත්පාදන මගින් නවීන ප්‍රදර්ශන ක්‍රමවේද නිර්මාණය කර, පුරාවස්තු ‘සක්‍රිය’ කරමින්, ශිෂ්ටාචාරාත්මක හුවමාරු පුළුල් කර, රටේ සංස්කෘතික හා කෞතුකාගාර ව්‍යායාමය ඔස්සේ  බලවත් සමාජවාදී සංස්කෘතික රටක් ගොඩනැගීමට අඛණ්ඩ කැපවීම් සිදු කළ හැකි යැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම