චීන ඩිජිටල් ආර්ථීක ක්ෂේත්‍රයේ කර්මාන්ත ඩිජිටල්කරණයට ඉහළ අනුපාතයක්
2022-07-09 15:05:29
Share with:

2022 චීන ඩිජිටල් ආර්ථීක සංවර්ධනය පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ.

එම ධවල පත්‍රිකාව චීන තොරතුරු සන්නිවේදන පර්යේෂණ ආයතනය විසින් ඊයේ (8) නිකුත් කර ඇත. ඒ අනුව, චීනයේ ඩිජිටල් ආර්ථීක ක්ෂේත්‍රයේ, කර්මාන්ත ඩිජිටල්කරණයට හිමි අනුපාතය සියයට 80කට වඩා වැඩි වන අතර, ඩිජිටල් ආර්ථීක ව්‍යුහය වඩාත් යහපත් තත්ත්වයක පවතී.

2012 වසරේ සිට චීන ඩිජිටල් ආර්ථීකයේ වාර්ෂික වර්ධන වේගය සියයට 15.9කි. සමාන කාල සීමාව තුළ දළ දේශීය නිෂ්පාදනය හා සැසඳීමේදී එය කැපීපෙනෙන ඉහළ අගයක පැවතීම ද විශේෂත්වයකි.  Broadband China, 5G, කර්මාන්ත අන්තර්ජාලය යන ව්‍යාපෘතිවල බලපෑම යටතේ 2021 වසරේ චීනයේ ඩිජිටල් ආර්ථීක ප්‍රමාණය චීන යුආන් ටි‍්‍රලියන45.5කට ළඟා වූ අතර එය වසර 2020 හා සැසඳීමේදී සියයට 16.2ක වර්ධනයකි. කර්මාන්ත ඩිජිටල්කරණය ඩිජිටල් ආර්ථීකයේ ප්‍රධාන වර්ධන සාධකයක් බවට පත්ව ඇතැයි ද එම ධවල පත්‍රිකාවේ දැක්වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම