ජනාධිපති ධුරයෙන් වහාම ඉවත් වන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ඉල්ලීමක්
2022-07-09 19:42:13
Share with:

ජනාධිපති ධුරයෙන් වහාම ඉවත් වන ලෙස  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් හතළිස් හත් දෙනෙක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියකින් දැනුම් දෙති. 

වැරදි උපදෙස්, අසංගත උපායමාර්ග හා නිසි වේලාවට තීරණ නොගැනීම නිසා රටට ඉතා අභාග්‍ය සම්පන්න තත්ත්වයක් උදා වූ බව මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ.  පාර්ලිමේන්තුව නියෝජනය කරන, පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත හැකි, දූෂණ චෝදනා නොමැති පරිණත නායකයෙකුට එම අවස්ථාව ලබා දී ගෞරවනීයව ධුරයෙන් සමුගන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මෙම මන්ත්‍රීවරු ඉල්ලා සිටිති.

වහාම පාර්ලිමේන්තුව කැඳවා, සුදුසු අගමැතිවරයෙකු යටතේ නිශ්චිත කාල රාමුවක් සඳහා සර්ව පාක්ෂික රජයක් පිහිටුවා රටේ ස්ථාවරත්වයක් ඇති කළ යුතු බව ද ඔවුහු පෙන්වාදෙති.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම