ජපාන හිටපු අගමැති සින්සෝ අබේ මහතා වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට
2022-07-08 17:35:39
Share with:


වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කෙරුණු ජපාන හිටපු අගමැති සින්සෝ අබේ මහතා ජීවිතක්ෂයට පත්වෙයි. ඒ මහතා මිය යන විට 67 වැනි වියේ පසු විය.

අද(08) පෙරවරු 11:30ට පමණ, Nara නගරයේ දේශනයක් පවත්වමින් සිටි සින්සෝ අබේ මහතා වෙඩි ප්‍රහාරයකට ලක්විය. ආරක්ෂකයන් විසින් එවෙලේම Tetsuya Yamagami නම් සැකකරු සහ ඔහු විසින් නිෂ්පාදිත තුවක්කුවක් ද අත්අඩංගුවට ගනු ලැබීය.  

සැකකරු වසර 2002- 2005 අතර කාලයේ ජපානයේ ස්වයං ආරක්ෂක නාවික බලකායේ සේවය කළ අයෙකු බව වාර්තා වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම