හොංකොං යළි මව්රටට එක්වීමේ රිදී ජුබිලි සැමරුම නිමිත්තෙන් චීන ජනපති කළ කතාව කෘතියක් ලෙස ජනගත වෙයි
2022-07-08 19:38:49
Share with:
‘හොංකොං යළි මව්රටට එක්වීමේ 25වැනි සංවත්සරය සැමරීමේ උත්සවය සහ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 6වැනි රජය දිවුරුම් දීමේ උත්සවයට එක්වූ ෂී ජින් පිං මහතාගේ කතාව’ කෘතිය එළිදැක්වේ. හොංකොංහි Bauhinia සංස්කෘතික කණ්ඩායමට අයත් ඒකාබද්ධ ප්‍රකාශන ආයතනය විසින් එය, සම්භාව්‍ය චීන භාෂාව හා ඉංග්‍රීසි භාෂාවෙන් සංස්කරණ දෙකක් ලෙස බෙදාහැරේ.
‘එක් රටක්- ක්‍රම දෙකක්’ යන සිද්ධාන්තය හා බැඳුණු ව්‍යවහාර ගැඹුරින් විග්රහ කර ඇති ෂී ජින්පිං මහතාගේ කතාව, හොංකොංහි විවිධ පර්ෂදයන්හි උණුසුම් ප්‍රතිචාරයට ලක්ව තිබේ. අදාළ කෘතිය, හොංකොං, මැකව්හි ජනතාවට මෙන්ම විදෙස් පාඨකයන්ට ද ‘එක් රටක්- ක්‍රම දෙකක්’ප්‍රතිපත්තිය පිළිබඳව මනාව අවබෝධ කර ගැනීම කෙරෙහි බොහෝ සෙයින් ඉවහල් වනු ඇත.