චීනය හා යුරෝපා සංගමය සැබෑ බහුපාර්ශ්විකවාදය ආරක්ෂා කිරීමට එක් විය යුතු බව චීන විදේශ ඇමති කියයි
2022-07-08 15:37:26
Share with:

චීන විදේශ අමාත්‍ය වං යී මහතා, රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත Josep Borrell මහතා හමුවෙයි. බාලි දූපතේ පැවැත්වෙන ජී20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව, එම හමුව ඊයේ(7)  පැවැත්විණ.

යුරෝපා සංගමය හා චීනය අතර පවතින පොදු වාසිදායක අවස්ථා, මතභේදවලට වඩා බොහෝ සෙයින් පුළුල් බව යුරෝපා සංගමය සෑම විටම අදහස් කරන්නේ යැයි  Josep Borrell මහතා එහිදී පැවසීය. එකම චීනය මූලධර්මය ස්ථිරව අනුගමනය කරන යුරෝපා සංගමය, චීනය සමග වඩාත් පුළුල් උපායමාර්ගික සහයෝගතා පැවැත්වීමට සූදානම් බව ද ඔහු කියාසිටියේය.

චීනය හා යුරෝපා සංගමය, සැබෑ බහුපාර්ශ්විකවාදය ආරක්ෂා කරමින්, සෙසු රටවල් එක් එක් ගෝලීය දාම සමග පවතින සබඳතා බිඳදැමීමේ ක්‍රියා බැහැර කළ යුතු බව වං යී මහතා කියා සිටියේය. කණ්ඩායම් අතර සතුරුකම් උසිගැන්වීම හා නව සීතල යුද්ධ නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණයන්ට දෙපාර්ශ්වය එක්ව එරෙහි විය යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කොට ගන්නා ජගත් පද්ධතිය හා ජාත්‍යන්තර නීතිය මූලික කර ගන්නා ජගත් පටිපාටිය තහවුරු කිරීමට චීනය, යුරෝපා සංගමය සමග පොදුවේ ප්‍රයත්න දැරීමට කැමති බව ද චීන විදේශ ඇමතිවරයා පවසා ඇත. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම