ජපාන හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අභාවය වෙනුවෙන් චීනයේ දැඩි සංවේගය
2022-07-08 20:51:18
Share with:

වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වූ ජපාන හිටපු අගමැති සින්සෝ අබේ මහතාගේ ඥාතීන්ට ශෝකය හා දැඩි සංවේගය පළකරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක චාඕ ලීජියන් මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් අද(8) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

චීනය එම හදිසි සිද්ධියෙන් දැඩි කම්පනයට පත් වූ බව ඔහු කීය. සින්සෝ අබේ මහතා චීන ජපාන සම්බන්ධතාවය යහපත් කිරීම වෙනුවෙන් කැපවූ බව ද චාඕ ලීජියන් මහතා පැවසීය. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම