ගෑස් හිඟය ඉදිරි දින කිහිපයේදී පහව යන ලකුණු
2022-07-08 18:37:33
Share with:

ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් රැගත් නෞකාවක් හෙට (9) දිවයිනට ළඟාවෙයි. එම නෞකාව  මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණීමට නියමිතව තිබුණ ද අයහපත් කාලගුණයෙන් ඊට බාධා එල්ල විය.

ලිට්‍රෝ සමාගම හා ලෝක බැංකුව අත්සන් තැබූ ගිවිසුමට අනුව මෙම ගෑස් තොගය මෙරටට හිමිවෙයි. ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් සැපයීම සඳහා අදාළ ගිවිසුම අත්සන් තැබිණ.  ගෑස් තොගය ලබන 11 වැනිදා සිට දිවයින පුරා බෙදාහරින බව ලිට්‍රෝ සමාගම පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ, ලබන මස මුල් සති දෙක තුළ රටේ ගෑස් හිඟය මුළුමනින්ම පහව යනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම