මෙරට උද්ධමනය 70%ක් දක්වා වැඩිවිය හැකි බව මහබැංකු අධිපති කියයි
2022-07-07 18:26:18
Share with:

ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය 70 %ක් දක්වා වැඩිවිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියාසිටී. සිය පුරෝකථනවලට අනුව උද්ධමනය කෙටිකාලීනව තවදුරටත් වැඩිවීමේ හැකියාවක් පවතින බව ද ශ්‍රී ලංකා මහ බැංකු බලධාරීහු පවසති.

මේ අදහස් පළකෙරුණේ අද (7) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ය. කෙසේවෙතත්, දැනට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ අනුව, 2023 වසර මුලසිට උද්ධමනය පහත වැටෙනු ඇතැයි ද එහිදී ප්‍රකාශ කෙරිණ.

මේ අතර, ජුනි මාසය අවසන් වනවිට මෙරට නිල වත්කම් සංචිතය ඩොලර් මිලියන 1,859 ක් බව ද මෙහිදී හෙළිවිය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම