ලබන වසරේ ගෝලීය ආර්ථික අවපාතය බැහැර කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි
2022-07-07 16:18:31
Share with:

ලබන වසරේ ගෝලීය ආර්ථිකය අවපාතයට ලක් වීම බැහැර කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසයි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට ගෝලීය ආර්ථික දැක්ම වඩාත් අඳුරු තත්ත්වයකට පත් වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකරන අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය ඊයේ (06) පැවසුවා ය. අවදානම් ඉහළ යාම හේතුවෙන් ලබන වසරේ ගෝලීය ආර්ථිකය අවපාතයට ලක් වීම බැහැර කළ නොහැකි බව ඇය පෙන්වා දෙයි. මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධනය 3.6%ක් වනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනාවැකි පළ කර ඇත. ඉදිරි සති කිහිපයේ එම අනුපාතය පහත දමනු ඇති බවත් , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික විශේෂඥයන් නව අනුපාතයක් සකස් කරමින් සිටින බවත්, Kristalina Georgieva මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම