ජපානය සිය ආක්‍රමණශීලී ඉතිහාසය කෙරෙහි පසුතැවිලි වී, අනාගතය උදෙසා ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය කියයි
2022-07-07 17:38:22
Share with:

ජපානය සිය ආක්‍රමණශීලී ඉතිහාසය කෙරෙහි පසුතැවිලි වී, අනාගතය උදෙසා ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව, "ජූලි 7 සිදුවීමේ" 85 වැනි සංවත්සරය නිමිත්තෙන් චීනය කියාසිටී.

1937 වසරේ ජූලි 7 ජපානය චීනයට එරෙහිව පූර්ණ ආක්‍රමණශීලී යුද්ධයක් ආරම්භ කළේය. චීන ජනතාව දුෂ්කරතා මැඩපවත්වා ගනිමින් එම යුද්ධයෙන් ජයගත්හ. චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රබල දායකත්වයක් ලබා දුන් එම ජයග්‍රහණය චීන ජනතාව මෙන්ම ‍ජගත් ප්‍රජාවගේ විශාල ෆැසිස්ට් විරෝධී විජයග්‍රහණයක් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද (7) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.

චීනය අඛණ්ඩව “ඉතිහාසය කැඩපතක් කරගෙන අනාගතයට මුහුණ දීමේ” පදනම මත හිඳිමින් චීන-ජපාන සම්බන්ධතාව සංවර්ධනය කරයි. ජපානය සිය ආක්‍රමණශීලී ඉතිහාසය කෙරෙහි පසුතැවිලි වී, සාම සංවර්ධන මාවතක් අනුගමනය කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද Zhao Lijian මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම